විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඇල්පා’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන ‘බණ්ඩාරගම අසේල’ නැමැත්තා රයිගම පිහිටි ඔහුගේ නිවසේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සතුපාලනය යටතේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, මෙම ගිනිඅවිය ප්ලාස්ටික් බටයක බහා ඉතා සූක්ෂම ලෙස නිවස තුළ සඟවා තිබියදී සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. විදෙස්ගතව සිටින ‘අවිශ්ක’ නොහොත් ‘ඇල්පා’ වෙනුවෙන් මෙරට ආයුධ ප්‍රවාහනය සහ මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන යාම පිටුපස මෙම සැකකරු ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඔහුව ඉදිරියේදී බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම හරහා ප්‍රදේශයේ සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව පොලිසිය විශ්වාසය පළ කරයි.



























