බීජ අංශය නවීකරණයට ඩිජිටල් පද්ධතියක්; බාධා කිරීම් පිළිබඳව ඇමති ලාල් කාන්තගෙන් විවේචනයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් “ඩිජිටල් බීජ නිෂ්පාදන සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ පද්ධතියක්” අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනගත කෙරුණි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, මෙරට බීජ අංශයේ නවෝත්පාදනය උදෙසා තැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.​මෙම නව ඩිජිටල් ජාලය හරහා බීජ වගාකරුවන්, සැකසුම්කරුවන් මෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන් සහ පරිපාලකයන් එකම තොරතුරු පද්ධතියකට සම්බන්ධ කිරීමට නියමිතය. කෘෂිකාර්මික දත්ත පද්ධති එකිනෙක ඒකාබද්ධ කරමින් වඩාත් විධිමත් සේවාවක් සැපයීම මෙහි මූලික අපේක්ෂාව වුවද, ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වන බාධා කිරීම් පිළිබඳව මෙහිදී අදහස් පළ විය.​මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඕනෑම යහපත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව කටයුතු කරන පිරිස් මෙන්ම ඇතැම් මාධ්‍ය භාවිතාවන් ද දක්නට ලැබෙන බවයි. නවීකරණ කටයුතුවලදී මුහුණ දීමට සිදුවන මෙවැනි බාධාවන් නොතකා, මෙරට ගොවි ජනතාවගේ යහපත උදෙසා කෘෂිකාර්මික ක්ෂේත්‍රය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට අදාළ අංශ කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,170

Leave A Reply

Your email address will not be published. Required fields are marked *