බොරැල්ල නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මත්ද්‍රව්‍ය මුල් කරගනිමින් ඇතිවූ ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බවට වාර්තා වේ.තත්ත්වය හදිසියේ උග්‍ර වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකකය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගැනුණි. ආරක්ෂක අංශවල කඩිනම් මැදිහත්වීම මත නොසන්සුන්තාව මුළුමනින්ම පාලනය කිරීමට හැකිවී ඇත.සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.මේ වන විට බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බවත්, එම ප්‍රදේශය පුරා ආරක්ෂක පියවර තදින් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



























