මෙරට ප්‍රථම බැටරි ගබඩා පද්ධතිය සහ ‘දියජනනි’ බලාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) අනුරාධපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණිනි.​එමෙන්ම, ජාතික බලශක්ති වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදි කරන ලද “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,337

Leave A Reply

Your email address will not be published. Required fields are marked *