බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (14) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.මෙම කාලය තුළ පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා-ඇල සහ කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි. ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජා-ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකටත් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජලසම්පාදන මණ්ඩලය, කල්තියා අවශ්‍ය ජලය රැස්කර ගනිමින් අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.



























