රාජ්‍ය සේවයේ පවතින පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් නොවැම්බර් 17 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ 2027 අයවැය මගින් තමන්ට හිමිවිය යුතු සාධාරණ දීමනා ලබා දීමට අපොහොසත් වීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.



























