රාජගිරියේදි නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

රාජගිරියේදී අවි ආයුධ ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ බන්ධනාගාර නිලධාරියකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිලධාරියා සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, T56 ගිනි අවියක් සහ පතොරම් 350ක් සොයාගෙන ඇත.

ඊට අමතරව මයික්‍රෝ පිස්තෝලයක්, මිලිමීටර් 9 පතොරම් 50ක් සහ 5.56 පතොරම් 8ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර, ඔහු නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *