ලොව පුරා ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන TikTok සේවාවේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පරිශීලකයින්ට එල්ල වී තිබූ බාධා මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා තිබේ.අන්තර්ජාල සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන Downdetector වෙබ් අඩවියට අනුව, අමෙරිකානු වේලාවෙන් පස්වරු 3.00 පමණ වන විට TikTok බිඳවැටීම සම්බන්ධයෙන් පැමිණිලි 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. ඉන් සියයට 71ක්ම වාර්තා වී ඇත්තේ ජංගම දුරකථන යෙදවුමේ ඇති වූ ගැටලු සම්බන්ධයෙනි.පැය දෙකකට නොඅඩු කාලයක් පැවති මෙම තාක්ෂණික දෝෂය මේ වන විට නිවැරදි කර ඇති බව TikTok සමාගමේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත. එමෙන්ම, සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් සමාගම පරිශීලකයින්ගෙන් සමාව අයැද තිබේ.



























