රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට නව කොමිසමක්: ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට ස්ථිරසාර විසඳුම් සෙවීම සඳහා සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් විශේෂ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ. මෙම නව පත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.​රාජ්‍ය සේවය තුළ කලක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ වත්මන් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන්හි ඇති අභියෝගයන්ට මුහුණ දීම මෙම කොමිසමේ ප්‍රධාන අරමුණයි. වඩාත් සාධාරණ මෙන්ම කාර්යක්ෂම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කිරීමට නියමිතය.​රජයේ නිල ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙම කොමිෂන් සභාව මඟින් ඉදිරිපත් කිරීමට නියමිත සියලු යෝජනා සහ නිර්දේශ, ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම සඳහා සෘජුවම දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *