ඥානසාර හිමියන් නිදහස් ඉල්ලා කළ විරෝධතාව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන ගිය විරෝධතා ස්ථානයේ තාවකාලික ඉදිකිරීම් ඉවත් කරගැනීමට මහා සංඝරත්නය පියවර ගෙන තිබේ. අනතුරුව එම ස්ථානයේ රැඳී සිටි හිමිවරුන් බුද්ධශාසන අමාත්‍යාංශය ආසන්නයට වැඩම කර ඇත.​මේ පිළිබඳව අදහස් දක්වමින් බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කළද අද දින තුළ ඊට සුදුසු නීතිමය පියවරක් හෝ අවසරයක් ලබාගැනීමට නොහැකි වූ බවයි.​චීවර පූජාව හා සම්බන්ධ කටයුතු සම්පූර්ණ කරගැනීමේ වගකීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සතුව පවතින බැවින්, එම කටයුතු විධිමත් ලෙස ඉටුකර ගැනීම වෙනුවෙන් අද රාත්‍රියේ බුද්ධශාසන අමාත්‍යාංශය අසල රැඳී සිටීමට තීරණය කළ බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *