අල්ලස් කොමිසම මගින් ගොනු කරන ලද අල්ලස් චෝදනා නඩුවකට අදාළව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර අධිකරණය හමුවේ අද දින හිටපු අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව මහාධිකරණය විසින් මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී.



























