ලෝක හදවත් දිනය අදයි

සෑම වසරකම සැප්තැම්බර් 29 වැනි දිනට යෙදී ඇති ලෝක හදවත් දිනය අදට සමපාත වේ. හෘද රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුකිරීම මෙහි මූලික අරමුණයි.​ලෝක හෘද සම්මේලනය විසින් හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අවම කිරීමේ අපේක්ෂාවෙන් මෙම දිනය ලොව පුරා ප්‍රවර්ධනය කරයි. වර්තමානයේ ලොව වැඩිම පිරිසකට මරු කැඳවන ප්‍රධාන රෝගී තත්ත්වයක් ලෙස හෘද රෝග සැලකේ.​”Don’t Miss a Beat” යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වන අතර, හෘද රෝගවල පූර්ව ලක්ෂණ නොසලකා හැරීමෙන් තොරව නිරෝගී හදවතක් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම එයින් අවධාරණය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *