වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවලට අද රාත්‍රියේ ජල කප්පාදුවක්

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතියට සම්බන්ධ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවලට අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) අලුයම 5.00 දක්වා පැය හතක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.​මෙම අත්‍යවශ්‍ය සේවා කටයුත්ත නිසා ජල සැපයුම අඩාල වන ප්‍රදේශවල පදිංචිකරුවන්ට කල්තබා අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි ගබඩා කරගන්නා ලෙසත්, පවතින ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි. සිදුවිය හැකි අපහසුතා පිළිබඳව ඔවුන් පාරිභෝගිකයන්ගෙන් කණගාටුව ද පළ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,273

Leave A Reply

Your email address will not be published. Required fields are marked *