විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලරළ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. මෙම සංචාරය යටතේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 යන දිනවල රාවල්පින්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතය. රාවල්පින්ඩ් සහ ලාහෝර් යන ප්‍රධාන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් මෙම එක්දින තරග පැවැත්වෙනු ඇත.මෙම සංචාරය නිමා කරමින්, දෙරණ අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 9 වැනි දින ආරම්භ වන අතර, එය නොවැම්බර් 21 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.



























