හෙට සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් සංවිධානය කරනු ලබන විශේෂ ඩෙංගු මර්දන සතිය හෙට (09) සිට නොවැම්බර් 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.​ඩෙංගු ව්‍යාප්ති අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි පරිශ්‍ර පරීක්ෂා කිරීම, හිමිකරුවන් නැති ස්ථාන පිරිසිදු කිරීම සහ පාසල් හා ආගමික ස්ථාන ශ්‍රමදාන මගින් පිරිසිදු කිරීම මෙහිදී සිදු කෙරේ.​මෙම වැඩසටහනේ මෙහෙයුම් අධීක්ෂණය සඳහා විශේෂ මැදිරියක් ද ස්ථාපිත කර ඇති අතර, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ස්වේච්ඡා සංවිධාන රැසක් දීපව්‍යාප්තව මෙයට සහාය දක්වයි.

What's your reaction?

Related Posts

1 of 1,413

Leave A Reply

Your email address will not be published. Required fields are marked *