පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වා තිබේ.අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය, මනෝ සමාජීය සේවා සහ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී යන තනතුරු සඳහා තෝරාගත් නවක නිලධාරීන් වෙත මෙලෙස පත්වීම් ලබා දී ඇත.අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරිය විසින් නවක නිලධාරීන් ඇමතමින් අදහස් දැක්වීමක් ද සිදු කර තිබේ.



























