‘අක්වාන්’ සුළි කුණාටුව ඉන්දියාව දෙසට; දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ‘අක්වාන්’ (Akvan) නමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (16) රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පැවති මෙම පද්ධතිය, වයඹ දෙසට ගමන් කරමින් අද පස්වරුව වන විට දරුණු සුළි කුණාටුවක් බවට පත්වීමට නියමිතය.​ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වන මෙම සුළි කුණාටුව, නොවැම්බර් 20 වනදා දහවල් වන විට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. මීට අමතරව ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් අකුණු සහ තද සුළං අනතුරුවලින් ප්‍රවේශම් වන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *