අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඌව පළාතේ ප්‍රදේශ කිහිපයකත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බවද සඳහන් වේ. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් සුළං හමා යාමේ හැකියාවක් පවතී.​ගිගුරුම් සහිත වැසි පවතින කාලවලදී අකුණු මඟින් සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. කාලගුණය සම්බන්ධයෙන් නිකුත් කරන යාවත්කාලීන තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසද වැඩිදුරටත් සිහිපත් කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,214

Leave A Reply

Your email address will not be published. Required fields are marked *