මාවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු අඟල් 3 බැගින් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇත. අඛණ්ඩ වැසි තත්ත්වය සමඟ මාවුස්සාකැලේ වාන් දොරටු විවෘත වීමත් සමඟ පහළ ප්රදේශවල පිහිටි කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු ද මේ වන විට විවෘත කර තිබේ.මීට අමතරව, කාසල්රි ජලාශය ද මේ වන විට පිටාර මට්ටමට ආසන්න වී ඇති බැවින්, පවතින තත්ත්වය මත කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවා සිටී.



























