ජනතාවට ගුණාත්මක හා සෞඛ්යාරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින්, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පසු අස්වනු කළමනාකරන ආයතනයේ මෙහෙයවීමෙන් නව පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුර නගරයේදී විවෘත කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරිණි.ජාතික පසු අස්වනු කළමනාකරන ආයතනය මඟින් ආහාරවල තත්ත්ව පරීක්ෂාව, ගුණාත්මක ආහාර නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රමිති සහතික නිකුත් කිරීම සහ පර්යේෂණ සිදු කිරීම වැනි ප්‍රධාන කාර්යයන් රැසක් සිදු කරනු ලබයි. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙම සෞඛ්යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රමවේදය දිවයින පුරා පුළුල් කිරීමට නියමිතය.මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න සහ සේන නානායක්කාර යන මහත්වරුන් මෙන්ම, පසු අස්වනු කළමනාකරන ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. එහිදී ප්‍රදේශයේ පලතුරු වෙළෙඳුන් සහ ප්‍රවාහන සේවාවල නියුතු ව්‍යාපාරිකයන් වෙත අවශ්‍ය කූඩ බෙදා දීමක් ද සිදු කරන ලදී.



























