අරණායක විවිධ සේවා සමුපකාර සමිතියේ 2026 වසර සඳහා පැවති කාරක සභා ඡන්ද විමසීමේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ. මෙම ප්‍රතිඵලයත් සමඟම සමුපකාරයේ ඉදිරි පරිපාලන කටයුතු පවත්වාගෙන යාමේ පූර්ණ බහුතර බලය ඔවුන් විසින් තහවුරු කර ගෙන ඇත.මෙවර නිලවරණයේදී සමස්ත කාරක සභා ආසන 33 කින් ආසන 29 ක ප්‍රමාණයක් දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වූ අතර, එහිදී ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ ආසන 4 ක් පමණක් වීම විශේෂත්වයකි.ඒ අනුව, මුළු කාරක සභා නියෝජනයෙන් සියයට 84 ක ප්‍රබල බලයක් ඒකාබද්ධ විපක්ෂය සතු කරගත් අතර, ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ සියයට 16 ක නියෝජනයක් පමණක් වන බව වාර්තා වේ.



























