බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, වයඹ පළාතට ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි වියළි කාලගුණික ස්වභාවයක් දැකගත හැකිය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති වීමේ සම්භාවිතාවක් පවතියි.ගිගුරුම් සහිත වැසි සමඟ හමා යන තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























