හොරණ ප්‍රාදේශීය සභාව විසින් ගන්නා ලද නව තීරණයකට අනුව, ඉංගිරිය නගරයේ ඉරිදා දිනවල සිදුකරන සියලුම එළවළු වෙළඳාම් කටයුතු සතිපොළ පරිශ්‍රය වෙත පමණක් සීමා කර තිබේ. මෙම නව නියෝගය අද (23) දින සිට ක්‍රියාත්මක වන අතර, නගරය තුළ විවිධ තැන්වල විසිරී පවතින එළවළු වෙළඳාම විධිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.ඉංගිරිය සතිපොළ සංවර්ධන කටයුතුවල පළමු අදියර මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව, සෑම ඉරිදා දිනකම නගරයේ පිහිටි එළවළු වෙළඳසැල් වසා තැබිය යුතු අතර, සාමාන්‍ය වෙළෙන්ඳන් මෙන්ම පදික වේදිකාවේ එළවළු අලෙවි කරන පිරිස් ද තම ව්‍යාපාරික කටයුතු සතිපොළ පරිශ්‍රය තුළ පමණක් පවත්වාගෙන යා යුතු වේ.ප්‍රාදේශීය සභා නිලධාරීන් සහ වෙළඳ සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවල එකඟතාව මත මෙම තීරණය ක්‍රියාත්මක කර තිබේ. එබැවින්, නගරයේ එළවළු වෙළඳපොළ විධිමත් කිරීමට ගෙන ඇති මෙම උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා සියලුම වෙළඳුන්ගේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි ප්‍රාදේශීය සභාව අපේක්ෂා කරයි.



























