කඩුගන්නාවේදී අතුරුදන් වූ 20 හැවිරිදි තරුණියක් සෙවීමට පොලිස් සහාය

පිළිමතලාව, ගිරාගමවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි අංගම්පොඩිගේ තරුෂි අමායා අතුපිටිය නැමැති විවාහක කාන්තාවක අතුරුදන්ව ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි. ඉකුත් මාර්තු 11 වනදා ඇය නිවැසියන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර, ඒ පිළිබඳව ඇයගේ සැමියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ජාතික හැඳුනුම්පත් අංක 200582903984 දරන මෙම තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙතද කරුණු වාර්තා කර තිබේ.​මෙම කාන්තාව පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591060 හෝ කඩුගන්නාව පොලිස් ස්ථානයේ 081-2571222 යන දුරකථන අංක ඇමතිය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *