ගන්දරදී තියුණු ආයුධ පහරදීමකින් 16 හැවිරිදි තරුණයෙකු මියයයි

ගන්දර පොලිස් වසමට අයත් අක්කර 18 ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සිදුකළ තුවාල හේතුවෙන් 16 හැවිරිදි පාසල් වයසේ දරුවෙකු මියගොස් ඇත.​මෙසේ මියගොස් ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. ඊයේ රාත්‍රී කාලයේදී පුද්ගලයින් කිහිපදෙනෙකු අතර පැවැති පැරණි කෝන්තරයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.​අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *