සිරදඬුවම් විඳිමින් සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 22 වනදා සිදු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.පූජ්ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර ඇත. බන්ධනාගාර නීති පද්ධතිය යටතේ සිදුවන මෙම ක්රියාවලිය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) දින මෙම පෙත්සම කැඳවූ අතර, ඉදිරිපත් වූ කරුණු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වැඩිදුර සලකා බැලීම සඳහා නඩුව කල් තබන ලදී.



























