ජනපති අනුර සහ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර සමුගැනීමේ හමුවක්

​ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය නිමා කරමින් ලබන ජනවාරි 16 වනදා දිවයිනෙන් පිටව යාමට නියමිත අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. එහිදී අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා තානාපතිනිය ඉටුකළ සේවය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය. විශේෂයෙන් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අමෙරිකානු ආධාර ලබාදීමට ඇය මැදිහත් වීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවලදී ඇය දැක්වූ දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළේය. 2022 පෙබරවාරි මාසයේ සිට ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළාය.

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *