ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 13ක්

ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා පාසල් සිසුන් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් 13ක් දිනා ගැනීමට සමත්විය. ඔක්තෝබර් 2 සිට 6 දක්වා පැවති මෙම තරගාවලියට රටවල් 23ක නියෝජිතයන් සහභාගී වී තිබිණි.​මෙහිදී ගණිත අංශයෙන් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ද, විද්‍යා අංශයෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් ද ශ්‍රී ලංකාව දිනා ගත්තේය. ජාතික මට්ටමින් තෝරාගත් දක්ෂ සිසුන් පිරිසකට ලබාදුන් පුහුණුවෙන් පසු මෙම ජයග්‍රහණය ලබා ඇති අතර, ඔවුන් ඊයේ (07) කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණියහ.

What's your reaction?

Related Posts

1 of 1,370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *