ට්‍රැක්ටරයක ගැටී දැරියක් මරුට – රියැදුරු පොලිස් භාරයට

අඩම්පන් පොලිස් වසමට අයත් වෙඩිතලතිව් 10 වන කොටසේ අතුරු මාර්ගයකදී ඊයේ (අගෝස්තු 25) සවස සිදුවූ දරුණු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත. ට්‍රැක්ටර් රථයක ගැටී බරපතල තුවාල ලැබූ ඇය පල්ලේමඩු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළේය.​මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 07 හැවිරිදි වියේ පසුවූ දැරියකි.​අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු වයස අවුරුදු 32 ක ට්‍රැක්ටර් රථ රියැදුරා පොලිසිය විසින් වහාම අත්අඩංගුවට ගෙන ඇති අතර, අඩම්පන් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

What's your reaction?

Related Posts

1 of 1,302

Leave A Reply

Your email address will not be published. Required fields are marked *