ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම සහ නෞකා ගාස්තු වෙනස්වීම මුල් කරගනිමින් තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13කින් ඉහළ නැංවීමට ආනයනකරුවන් පියවර ගෙන තිබේ. මෙම මිල සංශෝධනයත් සමග ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල සහ ආශ්රිත කඩිනම් ආහාර ද්රව්යවල මිල ගණන් ද ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ සිදුවූ මෙම හදිසි මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම බේකරි හිමියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති. මෙයට මැදිහත්වී පාරිභෝගිකයා සුරක්ෂිත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වන අතර, බේකරි හිමියන්ගේ සංගම්ද ඉදිරියේදී රැස්වී නිෂ්පාදන මිල ගණන් පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතය.



























