ලේක්හවුස් ආයතනයේ ජ්යෙෂ්ඨ ඡායාරූප කර්තෘවරයෙකු වූ තිලක් පෙරේරා මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී ඇත. මියයන විට 59 වැනි වියෙහි පසුවූ ඒ මහතා, මෙරට මුද්රිත මාධ්ය සහ ඡායාරූපකරණ ක්ෂේත්රයට දශක තුනකට ආසන්න කාලයක් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්රවීණයෙකි.1995 වසරේදී එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමට සම්බන්ධ වූ ඒ මහතා, ‘සරසවි’ සහ ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත් වෙනුවෙන් කලා, ක්රීඩා සහ වනජීවී ආදී විවිධ ක්ෂේත්ර නියෝජනය කරමින් විශිෂ්ට ඡායාරූප නිර්මාණය කළේය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරි බ්රහස්පතින්දා තලවතුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



























