ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග රටාව උණුසුම් කරමින්, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන පිල කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.පාකිස්තාන ඉනිම වෙනුවෙන් සවුද් ශකීල් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 93ක් රැස් කළේය. ඊට අමතරව තායිබ් ආරිෆ්, අරෆත් මින්හාස් සහ මොහොමඩ් සහා යන ක්‍රීඩකයන් තිදෙනාම අර්ධ ශතක ලබාගනිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුෂංක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වූහ. මීට අමතරව මිලාන් රත්නායක, ලහිරු කුමාර සහ සොනාල් දිනූෂ එක් කඩුල්ල බැගින් දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිම සීමා කිරීමට උත්සාහ කළහ.



























