රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් නොමිලේ ආහාර වේලක් ලබාදීමට පමණක් සීමා නොවී, සමස්ත පාසල් පද්ධතිය තුළම සෞඛ්‍ය සම්පන්න ආහාර රටා සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කරන්නක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යතුමිය සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් අතර අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව අවධාරණය කළාය.රට තුළ පෝෂණ ගැටලු කෙරෙහි තවදුරටත් දැඩි අවධානය යොමු කළ යුතු බවත්, වර්තමානයේ සීග්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝග වැළැක්වීමට නම් ඊට බලපාන මූලික හේතු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත් අගමැතිවරිය පෙන්වා දුන්නාය. එසේම, පෝෂණය හා සෞඛ්‍යය පිළිබඳ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හුදු අනුමාන මත පදනම් නොවී, නිවැරදි විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත මත කටයුතු කිරීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නාය.ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීමට රජය ගෙන යන මෙම ක්‍රියාමාර්ග අගය කළ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ, ඊට තම අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික වූහ. ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සහ අධ්‍යක්ෂ පිලිප් වෝඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර්, මහාචාර්ය ජය ශ්‍රී අර්කොට් ඇතුළු පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



























