පැය 12ක මෙහෙයුමකින් පසු කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්න නිවා දැමේ…

කොළඹ වොක්ෂෝල් වීදියේ ඉලෙක්ට්‍රොනික උපාංග ගබඩාවක හටගත් ගින්න පැය 12 ක මෙහෙයුමකින් පසු නිවා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගිනි නිවීම් සේවා නිලධාරීන් 4 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.

ඉන්, දෙදෙනෙකු රෝහල්ගත කර ඇත්තේ, දුම ආඝ්‍රහණය වීම හේතුවෙනි.

පිළිස්සුම් තුවාල සහ කැපුම් තුවාල හේතුවෙන්, ගිනි නිවීම් සේවා නිලධාරීන් රෝහල් ගත කෙරිණි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදාගත් ගිනි නිවීම් රථ සංඛ්‍යාව, 15 ක්.

සේවකයින් 56 දෙනෙකු ද, ඊට දායක වූ බව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉලෙක්ට්‍රොනික උපාංග ගබඩාවේ හටගත් ගින්න, පසුව අවට පිහිටි අවන්හලක් කරා ද ව්‍යාප්ත විය.

ඉන්, එම ගොඩනැගිලි දෙකටම දැඩි හානි සිදුව ඇතැයි, පොලීසිය පැවසුුවේ ය.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *