බ්‍රිතාන්‍යයේ අද සුවිශේෂී සූර්යග්‍රහණයක්

බ්‍රිතාන්‍ය වැසියන්ට 1999 වසරෙන් පසු අත්විඳීමට ලැබෙන පැහැදිලිම සහ වඩාත්ම දර්ශනීය සූර්යග්‍රහණය අද (12) සවස අහසේ දිස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ප්‍රදේශ රැසක ජනතාවට මෙම අපූරු ස්වභාවික සංසිද්ධිය ඉතා පැහැදිලිව නරඹා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.​මෙම සූර්යග්‍රහණයේදී එක්සත් රාජධානියේ විවිධ ප්‍රදේශවල පිහිටීම මත පදනම්ව, සූර්යයාගෙන් සියයට 96ක් දක්වා විශාල ප්‍රමාණයක් සඳ මගින් වැසී යනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම අපූරු තාරකා විද්‍යාත්මක සංසිද්ධියේ උච්චතම අවස්ථාව අද සවස 6.58ත් 7.15ත් අතර කාලසීමාව තුළ වාර්තා වනු ඇත.​බ්‍රිතාන්‍ය අහස ස්වභාවික අන්ධකාරයකින් වෙළී යන මෙම අවස්ථාවෙන් පසු, එරට තුළ මීළඟට මෙგම්ම පූර්ණ සූර්යග්‍රහණයක් දැකගත හැකි වනු ඇත්තේ 2090 වසරේදී පමණක් බව තොරතුරු වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,266

Leave A Reply

Your email address will not be published. Required fields are marked *