බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම විපක්ෂ නායකවරයාගේ දැඩි දෝෂදර්ශනයට

මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේදී, උන්වහන්සේලා වැඩම කරවූ බුද්ධ ප්‍රතිමාව උදෙසා තැනූ තාවකාලික ආවරණය ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කණගාටුව පළ කරයි. උන්වහන්සේලාට පීඩා වන අයුරින් කටයුතු කරමින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.​මහා සංඝරත්නය ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් සඳහා කඩිනමින් පෞද්ගලිකව මැදිහත් වී විසඳුම් ලබා දෙනවා වෙනුවට, මෙලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීම විපක්ෂ නායකවරයාගේ දැඩි හෙළාදැකීමට ලක්ව ඇත. උන්වහන්සේලාගේ ඉල්ලීම් නොසලකා හරිමින් රාජ්‍ය බලය යොදවා කටයුතු කිරීම ආණ්ඩුවේ නොමේරූ ක්‍රියාකලාපයක් බවද ඔහු පෙන්වා දෙයි.​භික්ෂූන් වහන්සේලාට සහ සිවුරට හිමි සුදුසු ගෞරවය ලබා දෙමින් උන්වහන්සේලා සමඟ සෘජු සාකච්ඡාවකට යොමු වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා, උන්වහන්සේලාට සිදුවන සියලු ආකාරයේ හිරිහැර හා හිංසනයන් වහාම නතර කරන ලෙස රජයට සහ ජනාධිපතිවරයාට දැඩි ලෙස අවධාරණය කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *