මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් සාගරික ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී ඇති පසුබිමක, ගල්ෆ් කලාපයේ රටවල් වෙත මෝටර් රථ ප්‍රවාහනය කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකල්ප ප්‍රති-අපනයන මධ්‍යස්ථානයක් (Re-export Hub) ලෙස භාවිත කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. කලාපීය නාවික ගමනාගමනයට එල්ල වී ඇති අභියෝග හමුවේ, ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්රයේ ප්රමුඛ විකල්ප හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මෙලෙස සක්‍රියව දායක වීම විශේෂත්වයකි.



























