හැටන්, පොල්පිටියේ නායයෑමකින් කාන්තාවක් මිය යයි

හැටන්, පොල්පිටිය ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.​ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මෙම හදිසි අනතුර සිදුවී ඇති අතර, අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.​මේ වන විටත් හදිසි සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එක්ව අදාළ ප්‍රදේශයේ දැඩි සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,268

Leave A Reply

Your email address will not be published. Required fields are marked *