හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරට ඇප

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාට ඇප ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළා. ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් ලබා ගත් බවට එල්ල වූ චෝදනා මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.​ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඔහුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය පියවර ගත්තා.

What's your reaction?

Related Posts

1 of 1,429

Leave A Reply

Your email address will not be published. Required fields are marked *