සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාසනයත් සමඟ දිවයින පුරා ක්‍රියාත්මක වූ විශේෂ ප්‍රවාහන සේවාවන් මඟින් රජයට වාර්තාගත ආදායමක් හිමිව තිබේ. ගතවූ දින හතරක කාලය තුළ පමණක් අධිවේගී මාර්ග භාවිතයෙන් රුපියල් දහනව කෝටි හැට එක් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමත්ව ඇත. මීට අමතරව, අප්‍රේල් 09 වනදා සිට ඊයේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) රුපියල් මිලියන 600 කට අධික ආදායමක් ලබාගනිමින් සිය ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් තබා තිබීම විශේෂත්වයකි.පසුගිය 08 වනදා සිට ක්‍රියාත්මක වූ විශේෂ ප්‍රවාහන සැලසුම් යටතේ කොළඹ නගරයේ සිට ලක්ෂ 04 කට ආසන්න පිරිසක් සිය ගම්බිම් බලා පිටත්ව ගිය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව තහවුරු කරයි. මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ සේවා යොදවා තිබූ අතර, උත්සව සමය නිමවී ජනතාව නැවත සේවා ස්ථාන කරා පැමිණීම ඉලක්ක කරගනිමින් තවදුරටත් එම සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇත.අද (15) දින සිට රජයේ සහ පෞද්ගලික අංශයේ සාමාන්‍ය රාජකාරි කටයුතු ආරම්භ වීමත් සමඟ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත්වෙමින් පවතී. ඒ අනුව, අද සිට දුම්රිය ගමන් වාර සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. නිවාඩුව නිමවී කොළඹ දෙසට පැමිණෙන ජනතාව වෙනුවෙන් තවමත් විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වන බැවින් ප්‍රවාහන අපහසුතාවලින් තොරව ගමන් කිරීමට මගීන්ට අවස්ථාව උදා වී තිබේ.
























