නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් රචිත “Culturally Diversified Matrimonial and Succession Laws in Sri Lanka” නම් නව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (15) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් සහ විශේෂ අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම යන මහත්වරුන් මෙහිදී විශේෂ දේශන පවත්වමින් කෘතියේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූහ. තවද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද මෙම ග්රන්ථ එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.



























