ජාතික ළමා ආරක්ෂක පනත සහ ප්‍රතිපත්තිය ප්‍රථම වරට බ්‍රේල් ක්‍රමයට

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් (Braille) ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.​මෙම නව වැඩපිළිවෙළ මගින් දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය මෙන්ම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳ මූලික අවබෝධයක් සෘජුවම ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.​කිසිදු දරුවෙකු මඟ නොහැර සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන් වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *