​ගණේමුල්ලේදී රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් දැලට!

ගණේමුල්ල, බොල්ලත්තේ ප්‍රදේශයේ අද (ජනවාරි 29) අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී මත්පෙති 3450ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හතරහමාරක් සමඟ 48 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *