ජනතා පීඩනය හමුවේ පාලකයින් වඩාත් සංවේදී විය යුතුයි – සජිත් ප්‍රේමදාස

පසුගිය වසර කිහිපය පුරා පාස්කු ප්‍රහාරයේ සිට වර්තමාන මැදපෙරදිග යුද ගැටුම් දක්වා වූ විවිධ අර්බුද හමුවේ මෙරට ජනතාව දැඩි මානසික හා ආර්ථික පීඩනයකට ගොදුරු වී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මුහුණ දී සිටින මෙම අගහිඟකම් හා සමාජයීය ගැටලු හමුවේ පාලකයින් මීට වඩා මානුෂීය හා සංවේදී ප්‍රවේශයක් ගත යුතු බවත්, ජනතාවගේ හඬට සැබෑ ලෙසම සවන් දීම යුගයේ අවශ්‍යතාවක් බවත් ඒ මහතා අවධාරණය කළේය.​රටක සැබෑ දියුණුව රඳා පවතින්නේ හුදු භෞතික සංවර්ධනය මත නොව, ගුණගරුක හා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය වීම මත බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගම සහ නගරය කේන්ද්‍ර කරගත් පන්සල ඇතුළු ආගමික මධ්‍යස්ථාන හරහා නැණවත් හා සත්ගුණවත් පරපුරක් බිහිකිරීමට මහා සංඝරත්නය ඉටුකරන සේවය අතිමහත්ය. පවතින දුෂ්කර වටපිටාව තුළ ආගමික නායකයින්ගේ එම සමාජ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඔවුන්ට අවශ්‍ය උපරිම රැකවරණය සහ සහයෝගය ලබා දිය යුතු බව ද ඔහු සඳහන් කළේය.​ආණමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම නිමිත්තෙන් පැවැති උත්සවයකදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය. රට මුහුණ දී සිටින ඛේදවාචකයන්ගෙන් ජනතාව මුදා ගැනීමට නම්, ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ සත්කාරක වැඩපිළිවෙළවල් අඛණ්ඩව ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍ය බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *