ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකු (SDIG) සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ අලුතින් වැඩබැලීමේ පත්වීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.​ඒ අනුව දකුණු පළාත භාරව කටයුතු කළ කිත්සිරි ජයලත් මහතා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත. එමෙන්ම උතුරු පළාතේ සේවය කළ බුද්ධික සිරිවර්ධන මහතා දකුණු පළාත භාරවද, විශේෂ ආරක්ෂණ රාජකාරි අංශයේ සිටි කේ.පී. කරුණානායක මහතා උතුරු පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද ස්ථාන මාරු කර යවා තිබේ.​මීට අමතරව දැනට ළමා හා කාන්තා කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය හොබවන වරුණ ජයසුන්දර මහතා වෙත, එම තනතුරට අමතරව පුහුණු හා උසස් පුහුණු අංශයේ වැඩබැලීමේ වගකීම ද පවරා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *