‘අත්තම’ ජාතික පවිත්‍රතා මෙහෙයුම අද දිවයින පුරා ඇරඹෙයි

​”එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව පෙරටු කරගනිමින් සමස්ත රටම ආවරණය වන ‘අත්තම’ ජාතික පවිත්‍රතා මෙහෙයුම අද (08) පූර්වාහ්න 8.00 සිට සාර්ථකව ආරම්භ විය. ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරන මෙම විශේෂ වැඩසටහන දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.​දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සෘජු අධීක්ෂණය යටතේ මෙම පවිත්‍රතා මෙහෙයුම සිදුවේ. පරිසර සුරක්ෂිතතාව සහ ප්‍රජා සහජීවනය තහවුරු කිරීම මෙහි මූලික අරමුණ වන අතර, මෙරට සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු සංකල්පය තරුණ පරපුර අතර නැවත ජනප්‍රිය කරවීම ද මෙයින් අපේක්ෂා කෙරේ.​මීට අමතරව මහා මාර්ග, වෙළෙඳ සංකීර්ණ සහ සසුන්ගත පොදු ස්ථාන පිරිසිදු කරමින් දැකුම්කලු පරිසරයක් නිර්මාණය කිරීමත්, පොදු දේපළ කෙරෙහි ජනතාව තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමත් මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයකි.

What's your reaction?

Related Posts

1 of 1,275

Leave A Reply

Your email address will not be published. Required fields are marked *