බස්නාහිර පළාත් උතුර අපරාධ අංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, තංගල්ල ප්රදේශයේදී හෙරොයින් සමඟ වයස අවුරුදු 18 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිසිය වෙත භාර දී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, තංගල්ල පලපොත ප්රදේශයේ නිවසක් පිටුපස සඟවා තිබූ කිසිදු හිමිකරුවෙකු නොමැති හෙරොයින් කිලෝග්රෑම් 02 යි ග්රෑම් 842 ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



























