දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං තත්ත්වයක්

දිවයිනේ කාලගුණ තත්ත්වයේ යම් වෙනස්වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.​විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි පතිත විය හැකි බවට අනතුරු අඟවා ඇත. තවද, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.​මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර ප්‍රදේශවල තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,340

Leave A Reply

Your email address will not be published. Required fields are marked *