උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, ප්‍රදේශ කිහිපයක අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැක.



























