ක්රිෂ් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන ඔක්තෝබර් 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.සැකකාර ජානකී සිරිවර්ධන මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්රතික්ෂේප කර ඇති අතර, නාමල් රාජපක්ෂ මහතාට අදාළ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය මීළඟ නඩු දිනයේදී ප්රකාශයට පත් කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා දැනුම් දුන්නේය.ක්රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



























